LPL වෙන්දේසිය හෙට… මෙහෙයවන්න සුප්‍රකට ඉන්දීය නිවේදකයෙක්…

HTML tutorial
Reading Time: < 1 minute

සිව්වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිතය.

එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (14) කොළඹදී පැවැත්වීමට කටයුතු කෙරෙමින් පවතියි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයින් 200ක් සහ විදේශ ක්‍රීඩකයින් 160ක් සහභාගී වෙයි.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියකින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් තෝරාගන්නා තෙවැනි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය LPL වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග්, තරගාවලි අධ්‍යක්ෂ, සමන්ත දොඩන්වෙල මහතා පැවසුවේ මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීම සඳහා ප්‍රකට ඉන්දීය නිවේදකයෙක් වන චාරු ශර්මා විසින් සිදුකරන බවය.

ඔහු පැවසුවේ විදෙස් ක්‍රීඩකයින් 500ක් පමණ වෙන්දේසිය සඳහා ඉල්ලුම්කළ බවත් ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ ද මැදිහත්වීම මත එම ක්‍රීඩකයින් ගණන 160දක්වා අඩුකළ බවය.

එසේම දේශීය ක්‍රීඩකයින් ව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා සමාජවලින් ඒවා තිබූ නම්වලින් (04ක්) තෝරාගත් බවත් ඔහු පැවසීය.

හෙට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක කණ්ඩායමක් සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් 500,000කි.

මේ වනවිට සෑම කණ්ඩායමක් ම ක්‍රීඩකයින් සිව් දෙනෙක් (විදෙස් ක්‍රීඩකයින් 2යි, දේශීය ක්‍රීඩකයින් 2යි) සමග කොන්ත්‍රාත් ගතව ඇති බැවින් හෙට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී එක කණ්ඩායමකට ක්‍රීඩකයින් 16ත් 20ත් අතර ගණනක් මිලදීගත හැකිය.

කණ්ඩායමක උපරිම ක්‍රීඩකයින් ගණන 24කි. ඒ පූර්වව මිලදීගත් ක්‍රීඩකයින් සිව් දෙනාද සමගිනි.

මෙවර LPL තරගාවලිය සඳහා ලොව සුපිරි ක්‍රීඩකයින් වන බාබර් අසාම්, ඩේවිඩ් මිලර් ෂකීබ් අල් හසන් එක්වෙයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *