LPL නීති විරෝධීයි… ක‍්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය නෑ…මම ගියෙත් නෑ…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් ඒ මහතා පැවසීය.

තමන් දැනට මසකට පමණ පෙර ලිපි දෙකක් මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අවසර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් එම කටයුත්ත සිදුවී නැති බවටත් ඔහු චෝදනා කළේය.

ඒ හේතුවෙන් තමන් මෙම තරඟාවලිය ආරම්භය සඳහා ආරාධනා ලැබුවත් එහි නොගිය බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකතු වූ තවත් කළු පැල්ලමක් බවටද අමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යරයා මෙම අදහස් පළ කර ලදී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *