Google සහ Twitter සබඳතාවය බිඳවැටෙයි ද ?

HTML tutorial
Reading Time: < 1 minute

“Google Cloud” පහසුකම සැපයීම වෙනුවෙන් එම සමාගමට ලබාදීමට නියමිතව තිබූ ගෙවීම් සිදුකිරීම, Twitter සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ ඉලොන් මස්ක් විසින් Twitter සමාගම මිලදී ගැනීමට පෙර Google සහ Twitter සමාගම් අතර අත්සන් තබා තිබූ කොන්ත්‍රාත්තුව අනුව මෙම ගෙවීම් සිදුකිරීමට නියමිතව තිබුණි.

එම කොන්ත්‍රාත්තුව අනුව Twitter පරිශිලකයින්ගේ ගිණුම් ආරක්ෂා කිරීම, ඒ හරහා හුවමාරුවන තොරතුරු ආරක්ෂා කිරීම යන කරුණු ද ඇතුළත් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ කොන්ත්‍රාත්තුව මෙම මාසයේ අවසන් වීමට තිබූ බවත් එය නැවත් අත්සන් කිරීමට නියමිතව තිබූ බවත්ය.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ විශ්වාසය බිඳි යා හැකි බවත් Twitter යෙදවුමේ ඇති විශ්වාස සහ ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරීත්වය අඩපණ වී යා හැකි බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු එක හෙළා සනාථ කළ නොහැකි බවද අදාළ තොරතුරු සපයන්නන් පවසා ඇත.

මේ අතර පසුගිය මාර්තු මාසයේ සිට අදාළ කොන්ත්‍රාත්තුවේ ඇතැම් කරුණු වෙනස් කිරීමට Twitter සමාගම, Google සමාගම සමග සාකච්ඡාර කර ඇති බව ද සඳහන් විය.

එවැනි පසුබිමක් මත Twitter සමාගම මෙම බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් වාර්තා කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *