2024 T20 ලෝක කුසලාන සත්කාරකත්වයේ වෙනසක් නැහැ

HTML tutorial
Reading Time: < 1 minute

2024 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තය වෙත පැවරීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ICCය සහ ECBය විසින් අවධාරණය කරනවා.

කැරිබියන් දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත ව ඇති 2024 විස්සයි විස්ස ලෝක කුසලානය ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් හි (USAC) ඇති පරිපාලන අවිනිශ්චිතතාව නිසා එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් මූලික කර ගනිමින් පැවැත්වීමට පියවර ගනු ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුනා.

නමුත් ඊයේ (09) දිනයේ මේ පිළිබඳ ව වෙන් වෙන් වශයෙන් නිල නිවේදන දෙකක් නිකුත් කළ ICCය සහ ECBය (එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය) විසින් අවධාරණය කලේ එවැනි කිසිම තීරණයක් ගෙන නොමැති බවයි.

“2024 ICC T20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකාවෙන් ඉවතට ගෙන යාම පිළිබඳ වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැහැ. මෙම ඉසව්ව ICCය විසින් සංවිධානය කරන එකක් නිසා ඔවුන් සිදු කරන නිවේදන තීරණාත්මක ලෙස සැලකිය යුතුයි.”

පළ වන වාර්තා වල සත්‍යතාවයක් නොමැති බව පවසමින් ECB ප්‍රකාශකයෙකු විසින් මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම මෙතෙක් පැවැත්වුණු විශාලතම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිත අතර, තරගාවලියේ තරග 55ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් සූදානම් වීම් සිදු කෙරෙමින් පවතින බව සඳහන් කරන ICCය විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ පිළිබඳ පරීක්ෂාව සිදු කර අවසන් බවයි.

තරගාවලිය ලබන වසරේ ජුනි මාසයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. එමෙන්ම ICCයේ තවත් ප්‍රධානතම බලාපොරොත්තුවක් වන 2028 Los Angeles ඔලිම්පික් උළෙල වෙත ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ ඉල්ලීම පිළිබඳ තීරණයක් මෙම වසරේ ඔක්තෝබර් 15 සිට 17 වැනිදා තෙක් ඉන්දියාවේ මුම්බායි හිදි පැවැත්වීමට නියමිත 141 වැනි ඔලිම්පික් කමිටු සැසියේ දී ලැබෙනු ඇති බවත් Cricbuzz වෙබ් අඩවිය මඟින් වාර්තා කරනවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape roomów
  2. Elena C

Post a new comment

Your email address will not be published. Required fields are marked *