2024 LPL තරගාවලිය මෙම වසර මැද දී

HTML tutorial
Reading Time: < 1 minute

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ ජුලි මස 01 වැනි දා ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16) නිවේදනය කළා. 

LPL තරගාවලියේ 05 වැනි අදියර ලෙස මෙවර ක්‍රියාත්මක වීමට නියමිත තරගාවලිය ජුලි 01 දා සිට 21 දා තෙක් කාලය තුළ, සුපුරුදු පරිදි කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙනු ඇති.

මෙවර තරගාවලිය මූලික වටයේ තරග 20ක් සහ අවසන් වටයේ (Eliminator සහ Qualifier තරග) තරග 4ක් ලෙස සමස්ත තරග 24කින් සමන්විත වනු ඇති.

එමෙන්ම තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක් ම අවමය ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සහ උපරිමය ක්‍රීඩකයින් 24කින් සමන්විත විය හැකි අතර, සෑම කණ්ඩායමකට ම සහභාගී කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 06ක් වනු ඇති. 

ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලි අතර, ශ්‍රී ලාංකේය සන්නාමය ලෙස හැඳින්විය හැකි LPL තරගාවලියේ වත්මන් ශූරයින් ලෙස B-Love Kandy කණ්ඩායම රැඳී සිටිනවා. 

එමෙන්ම මෙතෙක් පැවැත්වුණු සෑම LPL තරගාවලියක ම සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමේ ප්‍රමුඛයා වූ ThePapare මෙවරත් එම වගකීම ඉටු කිරීමට සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *