හොර වැලි වික්ක දේශපාලන හස්තය මාට්ටු. චමල් හඬා වැටෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකෙරෙන නීති විරෝධී වැලි ජාවාරම්වලට විරුද්ධව කටයුතු කරන හම්බන්තොට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධාන ඉංජිනේරුවා එම ස්ථානයෙන් ස්ථානමාරු කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව හම්බන්තොට පරිසරය සුරැකීමේ සංවිධානය පවසයි. මේ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන ලෙස ද එම සංවිධානය ඉල්ලා සිටී.

පසුගිය මාර්තු 27 වැනිදා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව අම්බලන්තොට ජන්යගම ගම්මානයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් 16 දෙනකු සමග අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා බැකෝ යන්ත්‍ර සහ වැලි තොගය මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් එම වැටලීමට භූ විද්‍යා පතල් කාර්යාංශයේ ඉංජිනේරුවරයා මැදිහත්වීම නිසා ඔහු වහාම මෙම ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසට දේශපාලන බලපෑම් සිදුකරමින් තිබෙන බවත් එම සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම වැටලීම සිදුකළ වලාන දූෂණ ප්‍රචාරක ඒකකය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් එසේ සිදුකළ වැටලීමකදී පවා අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සහ නඩු භාණ්ඩවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ‘කැල්ටන් සුද්දා’ නමැති අයකුට ඇති දේශපාලන රැකවරණය නිසා බවත් එම ප්‍රකාශකයා කීය.

සැකකරුවන් සමග වැලි කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍ර 7 ක්, වැලි කියුබ් 1000 ක පමණ ප්‍රමාණයක්, ජෙනරේටර්, ඉන්ධන තොගයක් ඇතුළු නඩු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම වැලි ජාවාරම නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා ද දිස්ත්‍රික් කමිටුවේදී ඉල්ලීමක් කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *