හවායි ළැව් ගින්නෙන් මරණ ගණන 93ට නඟී… දහසකට වැඩි පිරිසක් ගැන තොරතුරක් නෑ…

HTML tutorial
Reading Time: < 1 minute

ශාන්තිකර සාගරයේ පිහිටි සුප්‍රකට සංචාරක පාරාදීසයක් වන හවායි දූපත් සමූහයට අයත් මායූ දූපතේ පසුගියදා හටගත් ළැව් ගින්නට හසුවී මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් ඇතැයි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබේ. හවායි දූපත් සමූහයේ එතෙක් මෙතෙක් වාර්තා වූ දරුණුතම ළැව් ගින්න බවට පත් වී ඇති මායූ දූපතේ ව්‍යවසනයෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි ද අනුමාන කර තිබේ. ගින්නට හසුවී පිලිස්සී ගිය බොහෝ මළ සිරුරු හඳුනා ගැනීමට පවා අසීරු වී ඇති අතර, මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය කටයුතු දිගටම සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. ‘අපිට සිදුවී ඇත්තේ ජීවත්ව සිටින අයට සහාය දැක්වීම පමණයි.‘ ආණ්ඩුකාරවරයා එසේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

හදිසි ආපදා කළමනාකරණ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ ගිනි නිවන හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් සිටින බවය. මිය ගිය පුද්ගලයන් හැරුණු විට තවත් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවත් හදිසි ආපදා කළමනාකරණ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *