සෙල්ලම් බෑ… අස්වැසුම ලැබෙන විදිහ මුදල් රාජ්‍ය ඇමැති කියයි…

HTML tutorial
Reading Time: < 1 minute

දේශපාලන වුවමනා මත අස්වැසුම ප්‍රතිලාභ ලබා නොදෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පවසයි.

දේශපාලකයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය පදිරි සහනාධාර ලබා දෙන ක්‍රමවේදය අවසන් කිරීමට පියවර ගන්නවා. නියම දුප්පතුන්ට සහන ලබාදෙන විට විරුද්ධ වන්නේ මුදල් ඇති පිරිස් පමණයි.

එක එක දේශපාලන පක්ෂවලට පුද්ගලයන්ට කැමති විදියට සුබසාධන ඉවත් කරන්නත් ලබා දෙන්නත් හැකියාව තිබුණ ක්‍රමවේදය අපි ඉවත් කරලා තියෙනවා. අවුරුදු 25කට වඩා වැඩි කාලයක් තිබුණ ක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයක් හඳුන්වා දුන් නිසා අඩුපාඩු නැතුවාම නොවෙයි. ඒ අඩුපාඩුත් අපි ඉදිරි කාලයේ දී ඉවත් කරන්න කටයුතු කරනවා විතරක් නොවෙයි. මේ රටේ සුබසාධන දීමනා ලැබිය යුතු සුදුසුම කණ්ඩායමට සුබසාධන දීමනා වැඩි වශයෙන් ලබාදෙන්න කටයුතු කරනවා. ඉස්සර ගමට ආවහම තිබුණ චෝදනාව තමා යමක්කමක් තියෙන අයට සුබ සාධන දීමනා ලැබෙනවා, සමෘද්ධිය ලැබෙනවා අපිට ලැබෙන්නේ නෑ කියන එක.

ඇත්තටම දුප්පත් අයට ලබා දෙද්දි යමක් කමක් තිබිලා සමෘද්ධිය ගත්ත අය ඉදිරියට ඇවිත් කියනවා මේ ක්‍රමවේදය අසාධාරණයි කියලා. සමෘද්ධි ව්‍යාපාරාය කප්පාදු කිරීමට ආණ්ඩුව කිසිවිට පියවර ගන්නේ නැහැ. වෘත්තීය සමිති රැසක් මේ වැඩේ කරන්න උදවු කළේ නෑ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය කප්පාදුවකට නොවෙයි මේ ලක් වෙන්නේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *