සුළු සේවකයින්ට තඟ දැමූ කරාපිටියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

HTML tutorial
Reading Time: < 1 minute

කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා  නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ක්‍රිශාන්ත පෙරේරා නම් විශේෂඥ වෛද්‍යවරයාය.

ඉකුත් 16වනදින පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාටුටවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්විිම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදිම සිදුකර ඇතැයි අධිකරණයේදී කියැවිණි.

පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලිකර තිබුණත් ඔවුන් වර්ජනයට එක්ව සිට ඇති බවය.

පසුදින සේවයට වාර්තා කිරිමට පැමිණි සේවකයන්ට අත්සන් කිරිමට ඉඩ නොදිම නිසා වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර බහින්බස් විමක් සිදුව ඇති අතර පසුව සේවකයන් රෝහල් අධ්‍යක්ෂවරයා හමුවිමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයාද ඒම ස්ථානයට පැමිණිමත් සමග යලිත් ආරවුලක් සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *