සුපිරි දැල්පන්දු ක්‍රීඩිකාව ශ්‍රී ලංකා දැල්පන්දුවට ආයුබෝවන් කියයි

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකා දැල්පන්දු පිටියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකා දැල්පන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ පිළිබඳ දැනුවත් කර තිබුණා.

“මම ශ්‍රී ලංකා දැල්පන්දු පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්න කැමතියි. නමුත් මම විදෙස් රටවල දී මගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යනවා.

මේ තීරණය ගන්න මට ගොඩක් අමාරු වුනා. ඒත් මට තේරුම් ගියා මේක තමයි ඒ තීරණය ගන්න වඩාත්ම ගැළපෙන වෙලාව කියලා. මම මගේ නිල සමුගැනීමේ ප්‍රකාශය ඉක්මනින් නිකුත් කරනවා.

මම මගේ කණ්ඩායම් සගයන් සමඟ බෙදා ගත් සතුට කවදාවත් මට අමතක වෙන්නේ නැහැ,” යැයි එම නිවේදනයේ සඳහන් වුනා.

2009 වසරේ ජාත්‍යන්තර වරම් දිනා ගත් තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාව වන අතර ඇය 2019 වසරේ ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව ද වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන කිහිපයක්ම දිනා ගැනීමට විශාල දායකත්වයක් සැපයූ ඇය නිමා වූ 2022 ආසියානු කුසලානයේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූවා.

වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දැල්පන්දු තරගාවලියක් නියෝජනය කරන තර්ජනී ශ්‍රී ලංකාව තුළ බිහි වූ ශ්‍රේෂ්ඨතම දැල්පන්දු ක්‍රීඩිකාවක් ලෙස හැඳින්විය හැකි.

ශ්‍රී ලංකා මාතාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා දෙමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන ආ තර්ජිනී සිංවලිංගම්ගේ ඉදිරි ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනාවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *