සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය හෙට ඇරඹෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය හෙට (18) සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වෙයි.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ හිදි පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වදී.

තරග 34කින් සමන්විත තරගාවලියේ තරග හරාරේ සහ බුලවායෝ හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට එක්වන කණ්ඩායම් දහයේ නායකයින් අද කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

සුදුසුකම් ලබාගැනීමේ වටයේ A කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වදී.

බී කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

හෙට ආරම්භ වන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ වඩාත් අවධානය දිනාගන්නා ක්‍රීඩකයින් 10 දෙනා ICC ය විසින් නම් කර ඇති අතර ඊට මතීෂ පතිරණ ද ඇතුළත් ය.

සුදුසුකම් ලැබීමේ තරග වටය ආරම්භ කරමින් පළමු තරගය හෙට පැවැත්වෙන්නේ, සත්කාරක සිබ්බාවේ සහ නේපාලය අතරය.

ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ලබන සඳුදා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙයි.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වනු ඇත.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *