සිසුවකු කසිප්පු බී පාසල් එයි… වහාම රෝහල්ගත කරයි…
Reading Time: < 1 minute
කසිප්පු බී පාසල් පැමිණි සිසුවකු හදිසියේ අසනීප තත්ත්වයක් පෙන්වීම නිසා රෝහලට ඇතුළත් කර තිබේ.
පස්සර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවා වමනය කරන දුටු ගුරුවරු ඒ පිළිබඳව විමසූ විට ඔහු පවසා ඇත්තේ පාසල අසල සිට බීම වර්ගයක් බිවු බවයි.
සිසුවා කඩිනමින් පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ තමන් කසිප්පු බි පාසල් පැමිණි බවය.
ඒ අනුව සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහලට යවා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?