සියළු ආනයන සීමා ඉවතට… වාහනද ඒ අතරයි… IMFට පොරොන්දු වෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ අතරින් රථවාහන හැර ඉදිරි සියලූ භාණ්ඩ එළඹෙන සැප්තැම්බර් මස පළමු සතියේ සිට ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් නිලධාරින් සමඟ මුදල් අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් පැවති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචන කිරීමට ද තීරණය වී ඇත.

මේ වන විට භාණ්ඩ වර්ග 286 ආනයන තහනම ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් වාහන භාණ්ඩ 930 ක ආනයන ක්‍රියාත්මක වෙයි.

නමුත් සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉතිරි භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.

වාහන ආනයන තහනම ගැන ඉවත් කිරීම සලකා බැලෙන අතර එය උපායමාර්ගික සැලසුම අනුව සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

පළමුව විදුලි වාහන ආනයනය සීමා ඉවත් කිරීමට ද රජයේ අවධානය යොමුවී තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *