සිඳු ටෙලි නාටකයේ සොරත පොඩි සාදු ඇත්තටම මහණ වෙයි…PHOTOS 

HTML tutorial
Reading Time: < 1 minute

දෙරණ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් “සිඳු” ටෙලි නාට්‍යයේ පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ කවීෂ් විහඟ අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.

වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කවීශ් වසර 5ක්ම එම චරිතයට රංගනයෙන් ධායක වී ඇත.

ප්‍රේක්ෂකයාගේ ඒ බලාපොරොත්තුව සඵල කරමින් පුංචි කවීශ් අද සැබෑවටම පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමින් පුංචි සාමණේර නමක් බවට පත්විය.

මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.

ඒ වසර 5ක් පුරාවට සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් දරාගෙන සිටි උතුම් චීවරයේ බර සියලු ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් සැබෑවටම දරාගනිමිනි.

මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුන්ගතවීම කවීශ්ගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වෙන්න තවත් හේතුවක් වෙන්නට ඇතැයි සඳහන් ය.

ඉතින් ඔබ වහන්සේට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා මහඟු සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *