සිකුරාදා, ඉරිදා උපකාරක පන්ති තහනමක්

HTML tutorial
Reading Time: < 1 minute

ජුලි 01 වැනි දා සිට සිකුරාදා හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බව යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ.සිවබාලසුන්දරන් මහතා පවසනවා.

ඔහු ප්‍රකාශකර සිටියේ, 9 ‍ශ්‍රේණියෙන් පහළ පන්ති සඳහා සිකුරාදා පස්වරුවේ හා ඉරිදා දිනයේ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කළ බවයි.

ළමුන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටින්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, පොලිස්, පෞද්ගලික පන්ති හිමිකරුවන්, ගුරුවරුන් හා ළමා සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද සාකච්ඡා කරන බවයි.

සෑම පෞද්ගලික පන්තියක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව ද යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටින අතර සෑම පෞද්ගලික පන්තියක්ම පවත්වාගෙන යාමේදී ඒ සඳහා අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සම්පූර්ණ කර තිබිය යුතු බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *