(සා/පෙළ) ඉවරකර පන්තියේ ඩෙස්ක් පුටු එල්ලා ෆෑන් නවා පිටව යන සිසු පරම්පරාව ගැන විවේචන

HTML tutorial
Reading Time: 1 minute

සාමාන්‍ය පෙළ විභාගය අවසන්වූවායින් පසු පාසල් සිසුන් සම්බන්ධ විනය කඩවූ සිදුවීම් ගණනාවක්ම ඡායාරූප හා වීඩියෝ සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මෙහි එක් සුවිශේෂ ඡායාරූපයක දැක්වුනේ පන්තියක ඩෙස්ක් හා පුටු කිහිපයක් වහළයේ කොකු වල එල්ලා ෆෑන් තටු නවා ගිය සිසුන් පිරිසක් ගැනයි. ඊට අදාළ ඡායාරූප දෙකක්ද පැතිර ගොස් තිබුණි.
වසර ගණනාවක් සිප්සතර ලබාගෙන පාසලේදී සාමාන්‍ය පෙළ කඩඉම පසුකර කොටසක් උසස් පෙළට පිවිසෙන අතර කොටසක් උසස් පෙළට පිවිසෙන්නේ නැත. ඇතැම් විට ඔවුන් පිරිසකගේ පාසලේ අවසන් දිනය වන්නේද සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයයි.
දිගු කලෙක සිට බොහෝ පාසල්වල සාමාන්‍ය පෙළ අන්තිම දවස විනෝදයට වැඩ කරන දිනයක් බවට පත් කරගෙන තිබේ.

ඇතැම්විට සමාජ මාධ්‍ය බහුලව නොතිබූ කාලයේ මේවා ගැන කථාබහ අඩුය.
මෙවර සාමාන්‍ය පෙළ අවසානයේ සිදුවූ ඇතැම් දේ ගැන පැතිර ඇති ඡායාරූප වීඩියෝ ගැන කථාබහ වැඩිය. තමන්ට ඉගෙන ගන්නට සමාජයේ යහමගට යවන්නට කියා දුන් පාසල ගෞරවනීය ස්ථානයක් බවට පත් කරගතයුතු නමුත් මේ සිදුවන දේවල එහි ප්‍රතිවිරුද්ධ තත්වය බව බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබේ.

ඇතැමුන් පවසන්නේ වසංගතය හා ගුරු වර්ජන නිසා දිගු කලක් නිවසේ සිට වසර මැදට කල්ගිය සාපෙළ සිසුන්ගේ පීඩනය මේ ආකාරයට මුදාහැර ඇති බවය. තවත් අයගේ අදහසක් නම් පාර්ලිමේන්තු හැසිරීම් හා සෝදා පාළුවට ලක්වූ මාධ්‍ය වැඩසටහන් තුලින් වැරදි ආදර්ශ ලබාගෙන මේ ආකාරයට සිසුන් හැසිරෙන බවය. 2000 න් පසු පරම්පරාව ගැනද විවේචන මේ සමග කියැවී ඇත. මෙවන් විනෝදකාමී වැඩ මින් ඉහත සිදුවූ නමුත් පොදු දේපළ හානි කිරීම සුදුසු දෙයක් නොවන බව තමන්ගෙන් පසු අධ්‍යාපනය ලබන සිසුන්ට පාසලේ වස්තු රැක දියයුතු බවත් ඇතැමුන්ගේ අදහස විය.
පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය ඡායාරූප කිහිපයකි.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *