සරසවියට කිසිම හානියක් නෑ… වෙනදත් එහෙම තමයි, ඕන්නම් ඇවිත් බලන්න…

HTML tutorial
Reading Time: < 1 minute

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහජනතාවට විවෘත කිරීමේදී එහි සුන්දර පරිසරයට හා ගොඩනැඟිලිවලට බරපතළ හානි සිදුව ඇති බවට සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී ළමාවංශ මහතා කියා සිටී.

ජූලි 01 වැනිදා විශ්වවිද්‍යාලය විවෘත කර විවිධ ප්‍රදර්ශන, අධ්‍යාපනික, සංස්කෘතික වැඩසටහන් පීඨ 09 ක ආචාර්ය මණ්ඩලය, සේවක මණ්ඩලය සහ ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථකව පැවැත්වූ බව ද ළමාවංශ මහතා කියා සිටී.

විශ්වවිද්‍යාලය විවෘත කර තැබූ දින ලක්‍ෂ 02 ක පමණ ජනතාවක් පැමිණි බවත්, එහිදී වාහන ගාල් කිරීම නිසා තණ පිට්ටනිය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙනයන බවත් ඒ මහතා කියා සිටී. එය සාමාන්‍ය දිනවලත් සිදුවන බවද ඒ මහතා කියා සිටී. විශ්වවිද්‍යාල පරිසරය, තණ බිම්, ගොඩනැඟිලි, ශාක, මල්වලට හානියක් වී ඇතැයි හැඟේ නම් මාධ්‍ය ආයතන නියෝජිතයන්ට විශ්වවිද්‍යාලයේ භූමියට පැමිණ සෑම ස්ථානයක්ම නිරීක්‍ෂණය කිරීමට ඕනෑම වෙලාවක අවස්ථාව සලසා දිය හැකි බව ද මහාචාර්යවරයා කියා සිටී.
චමින්ද සිල්වා, ලලන්ත වන්නිආරච්චි-පේරාදෙණිය

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *