සමරු ඵලකයේ “නම නෑ” කියා රාජ්‍ය ඇමති යකා නටයි!

HTML tutorial
Reading Time: < 1 minute

මේ මස අගදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිත ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සමරු ඵලකය සහ ආරාධනා පත්‍රය නිසා දේශපාලන මත ගැටුමක් ඇතිව තිබෙනවා.

එම ගොඩනැගිල්ල විවෘත කිරීමට සනිටුහන් කරන සමරු ඵලකයේ සහ ආරාධනා පත්‍රයේ ජනාධිපතිවරයාගේ නම පමණක් සඳහන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කරුණු දැනගත් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයෙකු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පසුගිය බදාදා හදිසියේම පැමිණ තමන්ගේ නම සමරු ඵලකයේ දමා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා.

එය වහා සිදු කරන ලෙස අමාත්‍යාංශයේ දැඩි අවේගයෙන් කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

මෙම ගම්පහ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මහල් නවයකින් යුතු වන අතර එහි ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීයි.

මේවන විට එම ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ඇති අතර මේ මස අවසානයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. France-F

Post a new comment

Your email address will not be published. Required fields are marked *