සජබ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

HTML tutorial
Reading Time: < 1 minute

ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා රුපියල්  එක් කෝටි 17 ලක්ෂයක මුදලක් වංචා කල කැස්බෑව නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

සැකකාරියගේ වංචාවන්ට හසු වූ බහුතරයක් පුද්ගලයන් කාන්තාවන් බව පොලීසිය සඳහන් කළා.

ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම වංචාව සිදුකර ඇති බව ලද පැමිණිලි වල සඳහන්.

මේ වන විට පිලියන්දල පොලිසිය වෙත පැමිණිලි 11 ක් ලැබී ඇතැයි පොලිස් නිලධාරියකු සඳහන් කළා.

පක්ෂයේ  විවිධ ව්‍යාපෘති වලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර  රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා මුදල් ප්‍රමාණයක් සැකකාරිය වංචා කර ඇති බවට පොලිසියට කරන ලද පැමිණිලිවල සඳහන්.

මුදල් ලබාගත් බවට සඳහන් අත්අකුරින් ලියන ලද ලිපි සහ සැකකාරියගේ හදුනුම්පත ඡායාපිටපත් මුදල් ලබාදුන් පැමිණිලිකාරියන් වෙත ලබා ලබාදී ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

වංචාකරුවන් මුදල් ඉල්ලා සිටීමේදී මුදල් නොදෙන බවට තර්ජනය කරන බව ද පැමිණිලිකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල මකුළුදූව මිහිර මාවත පදිංචි වයස අවුරුදු පනස් හතරක තැනැත්තියක්.

සැකකාරිය කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *