ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කොරියාව දෙවනත් කරයි… ජය පිට ජය ලබයි…

HTML tutorial
Reading Time: < 1 minute

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි.

12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම ඊයේ (11) සත්කාරක දේශයට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟ අද තරගයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී ලකුණු 19ක් ලබා ගනිද්දී, බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.

තමන් ලද විශිෂ්ට ආරම්භය ඉතාමත් හොඳ තත්වයකට රැගෙන යාමට තරගයේ දෙවැනි කාර්තුව උපයෝගී කර ගත් ශ්‍රී ලංකාව එහි දී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ සිය මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 41ක් දක්වා ඉහළ දමමිනුයි. නමුත් එම කාර්තුවේ දී බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

එතැන් පටන් දිගින් දිගට ම බෲනායි ක්‍රීඩිකාවන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් විසින් තරගයේ තෙවැනි කාර්තුවේ තවත් ලකුණු 20ක් සහ සිව්වැනි කාර්තුවේ දී ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනේ සිය මුළු ලකුණු සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ දමමිනුයි. නමුත් තරගයේ අවසන් කාර්තු දෙක තුල දී බෲනායි කණ්ඩායම විසින් ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ බෲනායි ලකුණු පුවරුවට එක් වී තිබුණේ ලකුණු 16ක් පමණයි.

  • අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 82-16 බෲනායි

මේ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවට මුණ ගැසෙන අභියෝගාත්මක ම කණ්ඩායමක් ලෙස සැලකිය හැකි සිංගප්පූරුව සමඟ තරගය හෙට (13) දිනයට යෙදී තිබෙනවා.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *