ශ්‍රී ලංකාව සුපිරි 06 දෙනාගේ වටයට එන්නේ මෙහෙමයි…

HTML tutorial
Reading Time: < 1 minute

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමටත් පෙරම සුපිරි 6 දෙනාගේ වටයේ සිය ස්ථාන තහවුරු කර ගැනීමට කණ්ඩායම් 6ක් සමත්ව තිබේ.

ඒ අනුව ඒ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලබා සිටින්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තයයි.

බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුදුසුකම් ලබාගත්තේය.

සුපිරි 6 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

එම තරග පැවැත්වෙන අයුරු පහතින්,

ජුනි 30 – ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය
ජුලි 02 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ
ජුලි 07 – ශ්‍රී ලංකාව සහ බ.ඉ. කොදෙව්

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය අද ස්කොට්ලන්තය සමඟ පැවැත්වෙයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Wallace-R

Post a new comment

Your email address will not be published. Required fields are marked *