ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරණ ආසියානු කුසලානයට දින තීන්දුයි

HTML tutorial
Reading Time: < 1 minute

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දින සහ ස්ථාන ආසියානු ක්‍රිකට්‍ කවුන්සිලය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

සමස්ත තරග 13 කින් යුත් මෙම තරගාවලියේ පළමු තරග හතර පාකිස්තානයේ දී පැවැත්වෙන අතර අනෙක් තරග සියල්ල පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දීයි.

මෙම තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ ඇෆ්ගනිස්ථානය සහභාගී වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පළමු වටයේ දී කණ්ඩායම් තුන බැගින් කාණ්ඩ දෙකකට වෙන් කර තරග පැවැත්වෙන අතර එයින් සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනවා.

සුපිරි හතර දෙනාගේ වටයේ දී කණ්ඩායම් සියල්ල අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ තරග වැදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මතභේදාත්මක තත්වයක් හට ගත් නමුත් පසුව පාකිස්තානය විසින් ඉදිරිපත් කළ දෙමුහුන් ආකෘතිය සඳහා රටවල් සියල්ලේ ක්‍රිකට් ආයතන සිය එකඟත්වය පල කළා.

2023 ආසියානු කුසලානය ඇතුළු දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Melissa-R

Post a new comment

Your email address will not be published. Required fields are marked *