ශ්‍රී ලංකාවේ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජනපදය කනස්සල්ල පළ කරයි !

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකාවේ අලුතින් සම්මත කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇති විය හැකි බලපෑම පිළිබඳව එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසුවන බව තානාපති ජූලි චුන්ග් බ්‍රහස්පතින්දා (ජන.25) පැවසීය.

මෙහිදී X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් , එක්සත් ජනපද නියෝජිතවරිය පවසා ඇත්තේ  සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් වැදගත් අදහස් ඇතුළත් නොකර බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම ගැන කලකිරීම ප්‍රකාශ කරන බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක ගැටලුකාරී පැති සම්බන්ධයෙන් නව නීතිය දැඩි විවේචනයට ලක්ව තිබේ.

‘නොපැහැදිලි සහ ඕනෑවට වඩා සීමා සහිත’ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල කරමින් ඩිජිටල් ආර්ථිකයක ආයෝජනයට හා සංවර්ධනයට බාධාවක් විය හැකි බව Chung මහත්මිය අවධාරණය කර ඇත.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ ඕනෑවට වඩා සීමා සහිත නීති මගින් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධනය අඩාල කරමින් ආයෝජනයට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයට බාධාවක් විය හැකිය. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, කිසිදු නීති සම්පාදනයක් එහි ජනතාවගේ හඬ යටපත් නොවන බවට සහතික වන ලෙසත් ය”.

ගාළුමුවදොර ඇරඹුණු “අරගලය” නම් වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීමෙන් පසු මහජන ඡන්දයකින් පත්නොවූ ජනාධිපතිවරයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු, ඔහුගේ ප්‍රතිපත්තියක් ඇමෙරිකානු නියෝජිතවරිය යන්තමින් ‌හෝ විවේචනයට බඳුන්වූ ප්‍රථම අවස්ථාව මෙය බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

වසන්ත කුමාරසිරි රත්නායක

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *