ශ්‍රී ලංකාවයි ලෝක බැංකුවයි එකඟතාවයකට… ලැබෙන ඩොලර් කුට්ටියෙ තරම මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතය.

එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙයි.

අදාළ අරමුදල් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිව ඇත.

පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය වේ.

පසුගිය සතියේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමත කර ඇති බවය.

ඒ අනුව ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලබාදෙතැයි අපේක්ෂිතය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *