ශ්‍රී ලංකාවට 3-0 ක එක්දින තරගාවලි ජයක්

HTML tutorial
Reading Time: < 1 minute

සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල අද (14) රාත්‍රී සමත් විය.

මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 267 ක ඉලකක්ය ඕවර 35.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

පැතුම් නිස්සංක තවත් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 101 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 118 ක් රැස්කිරීමට සමත් විය.

අවිෂ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66 කදී ලකුණු 91 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 138 කින් ලකුණු 173 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

ඇෆ්ගනිස්තාන් පිල ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 266 (රමනුල්ලා ගුර්බාෂ් 48, රහමට් ෂා 65, අස්මතුල්ලා ඔමල්ෂායි 54, ඉක්‍රම් අලිකිල් 32, දුනිත් වෙල්ලාලග් 38/2, අකිල ධනංජය 54/2, ප්‍රමෝද් මධුෂාන් 45/3, අසිත ප්‍රනාන්දු 44/2) ශ්‍රී ලංකා පිල ඕවර 35.2 කදී කඩුලු 3 ට 267 (පැතුම් නිස්සංක 118, අවිෂ්ක ප්‍රනාන්දු 91, කුසල් මෙන්ඩිස් 40, කුයිස් අහමඩ් 46/2)

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *