ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය කරයි… 49% කොටස් එලියට…

HTML tutorial
Reading Time: < 1 minute

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරමින් පවතින බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, එහිදී සමාගමේ සියයට 51ක කොටස් රජය සතුව පවත්වාගෙන යන බවය.

“විකුණන්න නෙමෙයි මේක ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කළේ, මීට මාස 8කට විතර ඉස්සර. දැන් ඒ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය අපි කරගෙන යනවා. රැකී රක්ෂා 6,000ක් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ. අපේ තියෙන ලෑන්ඩින් සයිස් ටික ආරක්ෂා කරන්න නම් 49%ක් පමණයි කොටස් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 51%ක් ශ්‍රී ලංකාවේ තියාගන්න ඕනේ. එහෙම තමා කරන්න යන්නේ. එහෙම නැතුව කරන්න ක්‍රමයක් නෑ.”

අවශ්‍යතාවක් පවතින්නේනෙම් ප්‍රභූ පර්යන්තය අහෝසි කිරීමට හැකියාව පවතින බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් VIP පුද්ගලයින්ව දැඩි පරීක්ෂාවට ලක්වෙන්නේ නෑ. මේක ගතානුගතිකව තියෙන දෙයක්. එහෙම නම් කාලානුරූපීව අපිට ඕන නම් ප්‍රභූ පර්යන්තය රජය තීන්දුවක් ගන්නවා නම් අපිට නැතිකරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඕනේ නම් අහෝසි කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුවේ කවුරුත් එකතුවෙලා කිව්වොත් ප්‍රභූ පර්යන්ත ඕනේ නෑ කියලා මම ඒකට එකඟයි.”

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *