ශලනිව ඇදේ තියාගෙන ක්‍රීඩකයින්ව කොරිඩෝවේ දාපු හැටි මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

ඊට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සදහා පැවැත්වූ තරගාවලියට සහභාගි වීමට සිම්බාවේ බලා ගිය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හෝටල් කොරිඩෝව නිදාගනිද්දි ‍ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග ලෝක කුසලානය බලන්න ගිය නිළියන්ට සියලු පහසුකම් හෝටල් කාමර වෙන් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

විඝණකාධිපති වාර්තාවෙන් ක‍්‍රිකට් ආයතනට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂන ගැන පිලිබද පලමු හෙලිදරව්ව මෙය නොවේ. මීට පෙරත් බොහෝ හෙලිදරව් කරලා තියෙනවා නමුත් ඒවාට නිසි පිලිතුරු ඔවුන් දීලා නෑ

සිම්බාබ්වේ ගිය ක්‍රිකට් කණ්ඩායමට හෝටලයේ ලොබියේ ඉන්න වුනා පාලක මණ්ඩලයට ඒක කලමණාකරනය කරගන්න බැරි වුනා. නමුත් නිලියෝ න්ට වීසා ගන්න වෙලාවට ගුවන් ටිකට් ගන්න හෝටල් කාමර වෙලාවට වෙන්කර ගන්න ඒවා හොදටම කලමණාකරනය කලා.

අපි දැක්කේ නෑ නලු නිලියෝ හෝටල් ලොබියේ රස්තියාදු වෙනවා. ඒවා හොදටම මැනේජ් කලා.

අපි ක්‍රීඩා අමාත්‍ය වරයාගෙන් ඉල්ලානවා මේ ගැන කඩිනම් පරීක්ෂනයක් කරන්න ඒ වාර්තා ජනතාවට ලැබෙන්න සලස්වන්න ක්‍රීඩා ඇමතිවරයා කලින් විවිධ පරීක්ෂන කලත් ඒවාට වුන දෙයක් නෑ මේකටත් එහෙම කරන්න එපා’

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *