ශලනිලාව ඕසි එක්ක ගිය හේතුව කියන්න ශම්මි මාධ්‍ය හමුවක

HTML tutorial
Reading Time: < 1 minute

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේදී පැවති 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ හිතවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කර ඇති බව ඔප්පු කරන්නේ නම් තනතුරුවලින් ඉල්ලා අස්වෙන්නේ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම තරගයට සහභාගි වූ තවතුන්ට සහ නළු නිළියන්ට ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති නමුත් ඔවුන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයේ කිසිදු මුදලක් වියදම් කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

ඔවුන් එහි ගියේ කණ්ඩායම දිරි ගැන්වීමට බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ වලදීද කණ්ඩායම දිරි ගැන්වීමට පැමිණෙන බවද සභාපතිවරයා පැවසීය.

මාධ්‍ය හමුවේ දී ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ මෙම නළු නිළියන් සමඟ ඇතැමුන් කියන ආකාරයේ ගමන් බිමන් වලට සහභාගී නොමැති බවත් බවයි.

නළු නිළියන් ඇසුරු නොකර හිරකාරයින් ඇසුරු කරන්න දැයි හෙතෙම ප්‍රශ්න කලේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *