විස්සයි 20 සම්මානය මැතිව්ස්ට

HTML tutorial
Reading Time: < 1 minute

2023 වසරේ දක්ෂතම පන්දු වාර 20-20 ක්‍රීඩිකාව ලෙස බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ හේලි මැතිව්ස් සහ 2023 වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඊයේ කටයුතු කළේය.

ඒ අනුව එම සම්මාන දෙක සඳහා පිළිවෙළින් අවසාන නම් හතර අතරට නිර්දේශව සිටි ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට සහ ඩිල්ශාන් මධුසංඛට එම සම්මානයන් හිමි නොවේ.

එසේම වසරේ දක්ෂතම පන්දු වාර විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානය අඛණ්ඩව දෙවන වරටත් හිමිකර ගැනීමට ඉන්දියාවේ සූර්ය කුමාර් යාදේව් සමත් වී ඇත.

කෙසේ වෙතත් චමරි අතපත්තු වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා ද නිර්දේශිත වී සිටින අතර පන්දු වාර විස්සයි විස්ස සහ එක්දින ජාත්‍යන්තර යන කාන්තා කණ්ඩායම් දෙකේම නායකත්වය සඳහා ඇයව නම් කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්, එංගලන්තයේ සෝපි එක්කෙලෙස්ටන් සහ ඔස්ටේ්‍රලියාවේ එලීස් පෙරී සමග අවසන් නිර්දේශිත ක්‍රීඩිකාවෝ වූහ.

නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ගෙරාල්ඩ් කෝට්සියා සහ ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මදුසංක වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත වී සිටියහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *