විමල්ගේ සන්ධානය තවත් පුළුල් වෙයි… විමල් ජනාධිපති අපේක්ෂකයා වීමට සූදානම්? නම් කිරීම මැයි රැලියේදී…

HTML tutorial
Reading Time: < 1 minute

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹීමට නියමිත නව දේශපාලන සන්ධානයට ඩලස් අලහප්පෙරුම, දයාසිරි ජයසේකර හා රොෂාන් රණසිංහ යන හිටපු අමාත්‍යවරුද එක් වීමට නියමිත බව වාර්තා වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන නව දේශපාලන සන්ධානයේ මැයි රැලිය කිරුළපනදී පැවැත්වීමට නියමිත බවද එම රැලියට මෙම හිටපු අමාත්‍යවරුද එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.

මෙවර මැයි රැලියේදී විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන මෙම සන්ධානයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයාද බොහෝදුරට නම් කෙරෙනු ඇති බවද එම සන්ධාන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රිවරු පිරිසක්ද මීට එක්වීමට නියමිත යැයිද වාර්තා වේ.

එළැඹෙන 19 වැනිදායින් පසු මෙම සන්ධානය පිළිබඳ තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට විශේෂ සාකච්ඡා කිහිපයක් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද නියමිතය.

රාජපක්ෂ පවුල් පාලනය ඇතුළුව මෙරටට වින කළ සියලු දේශපාලන පවුල් පිටුදකින පරිදි ඉදිරියේදී මෙරට දේශපාලන වටපිටාව සකසන බවද ඒ සඳහා මූලික අඩිතාලම මෙම මැයි රැලියෙන් ගන්නා බවද මේ පිළිබඳ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *