විධායක ජනාධිපති ධුරය ගැන සජබ ස්ථාවරය මෙන්න…

HTML tutorial
Reading Time: < 1 minute

පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක ජනාධිපති බලතල පත්කර ඇති බැවින් විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය විය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී  පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ මුවාවෙන් වත්මන් ජනාධිපතිවරයා ජනතාවගේ ජනවරම, ඡන්ද අයිතිය නැති කරන්න උත්සාහ කරනවා නම් එයට ඉඩ නොදෙන බවත් 2024 වසරේ පැවැත්වීමට ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 91 වැනි අදියර යටතේ මැද කොළඹ ශාන්ත ආනා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *