වසර 6කට පසු ශ්‍රී ලංකාව ලැබූ ආසියානු රන් පදක්කම

HTML tutorial
Reading Time: < 1 minute

තායිලන්තයේ දී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ ඊයේ (13) රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුනා.

කාන්තා මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා තත්පර 52.61ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එම ඉසව්ව සඳහා වාර්තා කළ තෙවැනි හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව 2017 වසරෙන් පසු ආසියානු තලයේ දිනූ පළමු රන් පදක්කම මෙය වන අතර සමස්ත ආසියානු මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ 20 වැනි රන් පදක්කම මෙයයි.

මෙම රන් පදක්කම සමඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ රන් පදක්කම් දිනූ අටවැනි ශ්‍රී ලාංකිකයා වීමට ද ඇයට හැකි වූ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙන් වසර 23කට පසුව දිනූ පළමු පදක්කම වන්නේ ද මෙයයි.

නදීෂාට අමතරව අද පැවති පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා සහභාගී වූවත් ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

සිය ඉසව්ව තත්පර 45.69ක කාලයකින් අවසන් කළ අරුණ හත්වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර තත්පර 46.60ක කාලයකින් ඉසව්ව අවසන් කළ රාජිතට හිමි වුනේ අටවැනි තැනයි.

තරගාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවන අතර එහි පෙරමුණ හිමිව ඇත්තේ ජපානයටයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. escape rooms hub
  2. Wilfred O

Post a new comment

Your email address will not be published. Required fields are marked *