වසරකට කෝටි 700 ක් ලාභ ලබන ලිට්‍රෝ විකුණන්න යයි

HTML tutorial
Reading Time: < 1 minute

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ රුපියල් කෝටි 700 කට ආසන්න ලාභයක් ලැබූ බව කී සභාපතිවරයා එම ආයතනය විකිණීමට තමන් තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති වුවද ආණ්ඩුවේ තීරණවලට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සභාපතිවරයා ලෙස සිය ඉලක්කය බවත් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය වැනි වෙනත් තළයක් තීරණ ගන්නා බවත් ඒ මහතා කීය.

රාජ්‍ය ආයතනය පෞද්ගලිකරණය සඳහා තීරණ ගැනීමට වෙනත් කමිටුවක් ඇති බව කී පීරිස් මහතා එම කමිටුවේ තීරණය පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස තමන්ට වගකීමක් හෝ වගවීමක් නොමැති බව ද සදඟන් කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. FranceB

Post a new comment

Your email address will not be published. Required fields are marked *