වරාය නගරයට එන කෝටි 37,000ක සුපිරි ආයෝජනය…

HTML tutorial
Reading Time: < 1 minute

මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් රුපියල් කෝටි 37,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක) මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සූදානම් බව චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සංස්ථාව (CHEC) අවධාරණය කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසර ඇතුළත අදාළ මුදල කොළඹ වරාය නගරයේ ආයෝජනයට සූදානම් බව චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති බායි ඉයන්ශාන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ චීනයේ බීජිංහි පිහිටි චයිනා හාබර් ඉංජිනේරු සංස්ථා මූලස්ථානයේදී ඊයේ (26) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනයේදී අද (27) ආරම්භ වන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා විදේශ කටයුතු ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් චීනය වෙත ගොස් සිටින අතර ඊට සමගාමීව විදේශ කටයුතු ඇමැතිවරයා මේ හමුවට එක් විය.

මේ අතර විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් හමු වී සාකච්ඡා කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා පවසයි.

එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතිය සහ වර්ධනයට චීනය සහාය දෙන බවට එරට එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා සහතික වූ බව ද විදේශ ඇමැතිවරයා පවසයි.

මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු ඇමැතිවරයා සමඟ චීනයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත කොහොන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පෝෂිත පෙරේරා, ඇමැති අලී සබ්රි මහතාගේ පෞද්ගලික ලේකම් ෆයාඩ් බාකීර් මහත්වරු ද එක්ව සිටිති.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *