ලෝකෙම බලන ඉන්දු – පාකිස්තාන ගැටුම දඹුල්ලට?

HTML tutorial
Reading Time: 2 minutes

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා.

තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ දී එළඹෙන ආසියානු කුසලානය සඳහා යෝජිත දෙමුහුන් ආකෘතිය තහවුරු කරනු ඇති බවයි Hindustan Times පුවත්පත විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් පැමිණි BCCI සභාපති Jay Shah සහ PCB සභාපති Zaka Ashraf අතර ද පෙර දිනයක යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව දැන ගැනීමට ලැබෙනවා.

නමුත් Zaka Ashraf විසින් PCB සභාපති ධුරයේ වැඩ බාර ගැනීමත් සමඟම මෙම දෙමුහුන් ආකෘතිය වෙනුවෙන් සිය අකමැත්ත ප්‍රකාශ කළ අතර, පසුගිය දා පාකිස්තාන ක්‍රීඩා අමාත්‍ය Ehsaan Mazari විසින් ද එම දෙමුහුන් ආකෘතිය ප්‍රශ්න කරමින් පවසා සිටියේ ආසියානු කුසලානය එසේ පවත්වනවා නම් ලෝක කුසලානය ද එවන් ආකෘතියක් යටතේ පැවැත්විය යුතු බවයි.

එමෙන්ම පාකිස්තානය ඉන්දියාවේ සංචාරය කරනවා ද යන්න තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පාකිස්තාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පිහිටුවා තිබෙනවා.

මෙවන් වටපිටාවක් තුළ අද දිනයේ මෙම දෙමුහුන් ආකෘතිය ICCය වෙතින් තහවුරු වීම මඟින් පාකිස්තානයේ ඉදිරි තීරණවලට (ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ) යම් බලපෑමක් එල්ල විය හැකි බවටයි ඉන්දීය මාධ්‍ය මගින් අනතුරු අඟවන්නේ.

නමුත් IPL තරගාවලියේ සභාපති Arun Dhumal විසින් ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිටියේ එවන් අර්බුදයක් ඇති වී නොමැති බව සහ Ashraf සහ Shah විසින් මුණ ගැසී ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන ස්ථිර කර ගැනීම පමණක් සිදු කළ බවයි.

ආසියානු කුසලාන තරගාවලියේ නිල කාලසටහන තවමත් ප්‍රකාශයට පත් නොවුනත් නිල නොවන අන්දමින් වාර්තා වන පරිදි ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම පාකිස්තානයට සිය රටේ දී ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එම තරගය නේපාලය සමඟ පැවැත්වෙනු ඇති.

(මීට පෙර 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වුණේ ද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දීයි.)

ඒ අනුව තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ද, තරග 9ක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙනු ඇති අතර මෙය ICCය විසින් තහවුරු කිරීමෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම ICCය විසින් අනුමත කළා සේ සැලකිය හැකියි.

නමුත් පාකිස්තානයට ලෝක කුසලානය වෙනුවෙන් එවැනි තීරණයක් ගැනීමට අවස්ථාව හිමි වී නැහැ. අවම වශයෙන් පාකිස්තානය විසින් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩාංගණ කිහිපයක් නම් කරමින් ඒවා ලබා දෙන මෙන් ඉල්ලා සිටිය ද එයට ද ICCය වෙතින් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ

Hindustan Times ඇසුරිනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *