ලංකා බැංකුව ණය පහසුකම් පොලී අනුපාත අඩු කරයි…

HTML tutorial
Reading Time: < 1 minute

ලීසිං, රන් භාණ්ඩ අත්තිකාරම්, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පහසුකම් ලබාගෙන සිටින පිරිසගෙන් අය කරන ණය පොලී අනුපාත මේ සතියේදී අඩු කිරීමට ලංකා බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය අවස්ථා දෙකකදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය පහත හෙළීම සමඟ ඇතිවූ අරමුදල් ප්‍රවේශයන්හී වාසිය සැලකිල්ලට ගෙන තම බැංකුව එම තීරණය ගත් බව ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා (13) ප්‍රකාශ කළේය.

පොලී අනුපාතික අඩුවීම මේ සතියේ ඇරඹෙන අතර ලීසිං සඳහා අයකරන පොලිය 16% දක්වා, රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පොලිය 20% දක්වා, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය පහසුකම්වල පොලිය 17% දක්වා අඩු කිරීමට කටයුතු කරනු ඇත.

මීට අමතරව ලංකා බැංකුව විසින් කාන්තා සහ තරුණ ව්‍යවසායකත්වය බල ගැන්වීම සඳහා රුපියල් බිලියන පහක මුදලක් ව්‍යාපෘති පදනම් කරගෙන අඩු පොලී අනුපාත යටතේ ලබා දීමටද කටයුතු කරන බව රසල් ෆොන්සේකා මහතා කීය.

විශේෂයෙන් අපනයන මුල් කර ගත් නිෂ්පාදන කර්මාන්ත දිරි ගැන්වීම, අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන අයගේ ව්‍යාපෘති වාර්තා පදනම් කොට සහ ඇපකරුවන්ගේ සුරකුම් සලකා බලා අඩු පොලී අනුපාත යටතේ ණය මුදල් පිරිනමන බවද ඒ මහතා පැවසීය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Mari-Z

Post a new comment

Your email address will not be published. Required fields are marked *