ලංකාවට සුපිරි ජයක්…

HTML tutorial
Reading Time: < 1 minute

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ  එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 355ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයකි.

ආරම්භක කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ලකුණු 95ක් එක්කළ අතර පළමු කඩුල්ල ලෙස කරුණාරත්න ලකුණු 52කට දැවී ගියේය.

නිස්සංක ලකුණු 57යි.

අනතුරුව කඩුල්ලේ එක්වූ කුසල් මෙන්ඩිස් (78) සහ සදීර සමරවික්‍රම (73) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම වේගවත් කළහ.

චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48යි.

පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් දවාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 6ක් දවාගත්තේය.

මේ අතර ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) පැවති තවත් තරගයක් වන අයර්ලන්තය සහ ඕමානය අතර තරගයේදී කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් විය.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. lista escape room
  2. Shonda-J

Post a new comment

Your email address will not be published. Required fields are marked *