රුසියාවේ සඳ ගමන අසාර්ථකයි… ලූනා රොකට්ටුව සඳ මතට කඩා වැටෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

වසර 47කට පසු රුසියාව පළමු වතාවට සඳට යැවූ ලූනා -25 රොකට්ටුව චන්ද්‍ර කක්ෂයට ඇතුළු වීමෙන් දින තුනකට පසු කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දශක ගණනාවකට පසු සඳ තරණයට රුසියාව ගත් උත්සාහය අසාර්ථක වී ඇත.

ඒ සමඟම පළමුව සඳ ස්පර්ශණ කරනු ලබන්නේ රුසියානු මෙහෙයුමද නොඑසේ නම් ඉන්දියානු මෙහෙයුමදැයි තිබුණු ජාත්‍යන්තර අවධානය ද බිඳ වැටී ගියේය.

මෙහෙයුම් දෙකේදීම සඳ ස්පර්ශ කිරීම සිදුවීමට නියමිතව තිබුණේ මේ මස 23 වැනිදාය.

ලූනා – 25 කඩා වැටීම සිදුවී ඇත්තේ ලූනා – 25 රොකට්ටුව සඳ මත ගොඩ බෑමට පූර්ව සූදානමක සිටියදී බවත්, රොකට්ටුව සමඟ තිබූ සන්නිවේදනය එසැණින් බිඳවැටුණු බවත් රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන රොස්කොස්මොස් ආයතනය නිවේදනය කර තිබේ.

සඳ මත ගැටීමෙන් පසු එහි ක්‍රියාකාරිත්වය නතර වී ඇතැයි ද, එය සොයා ගැනීමට පසුගිය දෙදින තුළ ගත් උත්සාහය අසාර්ථක වූ බව ද රොස්කොස්මොස් ආයතනය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රොකට්ටුව සඳ මත කඩා වැටීමට හේතුව කුමක්දැයි සොයා ගැනීමට පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *