රාජපක්‍ෂලා හොරාකෑවානම් අඟහරු වලිනුත් ඉඩම් අරන්…

HTML tutorial
Reading Time: < 1 minute

‘ලැම්බෝගිනි රත්තරන් අශ්වයෝ රාජපක්ෂ හොරා කෑවා කියන චෝදනා ඔප්පු කරලා පෙන්නන්න. නිකන් වේදිකාවල සමාජ මාධ්‍යවලින් බොරු මඩ ගහන්න එපා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පලකලේ මිහින්තලේ ආසන බලමණ්ඩල රැස්වීමේදීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

‘2015 දී කිව්වා රාජපක්ෂලාට ලැම්බෝගිනි තියෙනවා කිව්වා.වරායට 19ක් ගොඩ බෑවා කිවුවා.පස්සෙ ඒ කතාව කියපු කෙනාම කියනවා ලැම්බෝගිනි ගැන එයා කිවුවෙ නෑ කියලා. රත්තරන් අශ්වයෝ ඉන්නවා කිවුවා.උගන්ඩාවෙ සල්ලි ගැන කිවුවා .

මම දැක්කා අර අරගලය වෙලාවෙ දැක්කා තරුණ තරුණියෝ රාජපක්ෂලා හොරකම් කරපු ප්‍රමාණය කියලා බැනර් එකක් අල්ලන් ඉන්නවා අම්මෝ ඒකෙ තිබ්බ බින්දු ගොඩ මම ගණන් හදලා බැලුවා ඒකෙ තියෙන විදියට මුළු ලෝකෙම සල්ලි වලට අරන් අගහරු ලෝකෙනුත් ඉඩම් ගන්න පුළුවන්.

කාටද මේ බොරුව කරන්නෙ. ඇයි මහින්දට මඩ ගහන්නෙ.එතුමා යුද්ධෙ ඉවර කරපු ත්‍රස්තවාදීන් සහමුලින් අතුගාපු රට සංවර්ධනය කරපු නායකයා නිසා.අදටත් තනි පුද්ගලයෙකු ලෙස ගත්තම වැඩිම ඡන්ද තියෙන්නෙ මහින්ද රාජපක්ෂට.ඒ නිසා නායකයට මඩ ගහනවා.අපේ රට සංස්කෘතික රටක්.අදටත් මේ රට බේරිලා තියෙන්නෙ මේ අපේ සංස්කෘතිය හින්දා.

මහින්දට ගහන්නෙ ඇයි ශක්තිමත්ම නායකයා හින්දා. ශක්තිමත් නායකයෙක් ඉද්දි සංස්කෘතිය විනාශ කරන්න අමාරුයි.ඉතින් අපේ සංස්කෘතියට ගහන්න කෙලින් ඉන්න නායකයන්ට මඩ ගහන්න තමයි ඔය අරගල කට්ටිය එහෙම දගලන්නෙ.මහින්ද රාජපක්ෂට බය ඒ නායකත්වය නිසා වගේම මිනිස්සුන්ගෙ හදවතේ ඉන්න දේශපාලකයා මහින්ද නිසා.මහින්ද කියන්නෙ කාගෙවත් අතකොලුවක් හරි රූකඩයක් හරි නොවෙන නිසා.

අපි හැමදාම කියනවා ඔය රත්තරන් අශ්වයෝ උගන්ඩාවෙ සල්ලි ලැම්බෝගිනි කෝ හොරකම් කලා කියන ඒවා ඔප්පු කරන්න නිකන් වේදිකාවල සමාජ මාධ්‍යවල බොරුවට කෑ ගහලා වැඩක් නෑ.ඒ නිසා ඔය චෝදනා හරිය්ද්ටම ඔප්පු කරන්න.මෙහෙම අභියෝග කලාම කිසිම තේරුමක් නැති පුස් වචන කියලා හෙමින් ලිස්සලා යනවා.හැබැයි චෝදනා ඔප්පු කරන්නෙ නෑ.නිකාන් හොරු කිය කිය ඉන්නවා විතරයි.

අපි ඕනෙම ඡන්දෙකට ලෑස්තියි.ඒ වගේම ඉස්සරහදි ජනාධිපතිවරණයක් තිබ්බොත් ජයග්‍රහණය කරන්න නම් පොදුජන පෙරමුණේ සහාය අවශ්‍යම බව මතක තියාගත යුතු බවත් මතක් කරන්න කැමතියි’

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *