රටවල් 56 කින් හොඳම වීරක්‍රියාවට හිමි සම්මානය 14 හැවිරිදි ලාංකික දරුවෙකුට

HTML tutorial
Reading Time: < 1 minute

පසුගියදා රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානය වන ‘මවුන්ට් බැට්න්‘ පදක්කම දිනා ගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වන 14 හැවිරිදි කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ.

ඒ අනුව මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා ලෙස කල්යා සැලකේ.

පසුගිය වසරේ අගෝස්තු 27 වැනිදා සිය සහෝදරයා සමඟ නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය.

එහිදී 11 හැවිරිදි කිත්මි, නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ. කෙසේ වෙතත් පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මි, මීටර් 3 ක රළ පහර සමඟ පොරබදමින් ඔහු වෙරළෙන් තවත් ඇදී යන විය.

මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් කිත්මිට සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි.

සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා ගොස් තිබුණේ සිය මල්ලි බේරා ගැනීමේ අදිටනින් යුතුවය.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි.

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය.

මෙම සිද්ධිය පිළිබඳ ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශය කර ඇත්තේ ‘‘අදාළ අනතුර සිදු වූ ජල තීරය අතිශය භයානක’’ බවයි. “අනිවාර්‍යෙන්ම, කල්යාගේ නිර්භීත ප්‍රතිචාරය එදා ඔහුගේ සහෝදරයාගේ ජීවිතය බේරුවා.” යනුවෙන් ද ඔහු සදහන් කර තිබේ.

ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ පාසල් රැස්වීමකදී කල්යාට පදක්කම පිරිනැමූ අතර ඔහුගේ විදුහල්පති ඩෙක්ලන් ෂෙරිඩන් ස්ටෆ්ට පැවසුවේ “කල්යාගේ ජයග්‍රහණ පිළිබඳව පාසල ඉතා ආඩම්බර වන” බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *