රටම ආදරය කළ බ්ලේස් අභිරහස් ලෙස මරා දමයි… ඝාතකයින් සැඟ වෙයි…

HTML tutorial
Reading Time: 3 minutes

මනුෂ්‍යය ජීවිතයක් වුවද සත්ත්වයෙකුගේ ජීවිතයක් වුවද උදුරා ගැනීමට කිසිවෙකුට අයිතියක් නොමැත.

අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඉතාමත්ම සංවේදී කතාවක්.

මෙම කතාවේ කතානායකවරයා බ්ලේස්. ඒ, රොට්වයලර් වර්ගයේ රටම ආදරය කරපු සුනඛයෙක්.

බ්ලේස් උපත ලබන්නේ 2018 වසරේ ජනවාරි 16 වනදා, අතුරුගිරියේදී.

ඉක්මණ් එකේ ඇඩ් එකක් දැකලා එයාව පෙබරවාරි මාසයේ 24 වනදා පන්නල පදිංචිකරුවෙකු විසින් මිළට ගන්නවා.

තමන්ගේම දරුවෙකු මෙන් ඉතාමත්ම ආදරයෙන් බලාගත් නිසාම බ්ලේස් සාමාන්‍ය රොට්වයලර් සුනඛයෙකුගෙන් වෙනස් වනවා. ඔහු දකින දකින මිනිසුන්ගේ ආදරයට ලක්වනවා.

එය කෙසේද යත් ටික්ටොක් සමාජ මාධ්‍යය තුළ ඔහුට Followersලා 80,000 කට අධික ප්‍රමාණයක් ගොඩනැගෙනවා.

 

සියළුම සත්ත්වයින්ට අටලෝ දහම පොදු නිසාම බ්ලේස්ගේ අයිතිකරුවන් නොසිතූ ප්‍රශ්න රැසකට 2022 වසරේ මුහුණ දෙනවා.

ඔවුන්ගේ මව හදිසි අනතුරක් නිසාවෙන් එක්තැන් වනවා. මවට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹට පැමිණිය යුතු නිසාවෙන් බ්ලේස්ව ටික කලකට බලාගැනීම සඳහා එක් නිවසකට ලබාදෙනවා.

ඔවුන් බ්ලේස්ව ඉතා ආදරයෙන් බලා ගනිද්දි, ඝාතකයා කල එළි බහිනවා. අයිතිකරුවන්ට දුරින් හිත්වත්කමක් ඇති ඝාතකයාගේ සහෝදරියන් හරහා දිගින් දිගටම ඉල්ලා සිටිනවා බ්ලේස්ව මලක් වගේ ආදරයෙන් සහ හොඳින් රැක බලාගන්නම් ඔහුට ලබාදෙන්න කියලා.

ඒ වගේම ඔවුන් පොරොන්දු වනවා බ්ලේස්ට වගකියනවා කියලා.

ඒ අනුව වවුනියාවේ, බෝගස්වැව සිට ඝාතකයා පැමිණෙනේ බ්ලේස්ව රැගෙම යාමටයි.

ඔහු කමල් රාජපක්ෂ නමින් පෙනී සිටින අයෙක්.

2022 වසරේ දෙසැම්බර් මාසයේදී ඔහු පැමිණ බ්ලේස්ව රැගෙන යන්නේ අයිතිකරුගේ මව සනීප වූ සැණින් මාස කිහිපයකින් බ්ලේස්ව නිරුපද්‍රිතව නැවතත් ගෙනත් දීමේ පොරොන්දුව මතයි.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යනවා. අයිතිකරුගේ මව යතා තත්ත්වයට පැමිණීමත් සමඟින් අයිතිකරුවන් කමල් නැමැත්තාගෙන් බ්ලෙස්ව ගෙනත් දෙන්නේ කවදාදැයි විමසනවා. එමෙන්ම බ්ලේස්ව රැගෙන ගිය දිනයේ සිටම බ්ලේස්ගේ තොරතුරු ඔවුන් විමසනවා.

මක්නිසාදයත්, ආදරයෙන් රැකබලාගත් සත්ත්වයෙකුගේ ජීවිතයත්, මනුෂ්‍යයෙකුගේ ජීවිතයකත් ඔවුන්ට වෙනසක් නොමැති නිසාවෙනුයි.

මේ මාසයේ ජුලි 20 වනදා බ්ලේස්ව රැගෙන යාමට වව්නියාවේ, බෝගස්වැවට තමන් පැමිණෙන බවට අයිතිකරුවන් විසින් කමල් රාජපක්ෂට පවසනවා.

එවිට මෙතෙක් කලක් නිහඬව සිටි එම පුද්ගලයා ඔවුන්ට අරුම පුදුම මැසේජ් එකක් එවනවා.

ඔහු පවසනවා, බ්ලේස්ව ඔහු රැගෙන ගොස් මාසයකින් පමණ එනම් 2023 වසරේ ජනවාරි මාසයේදී මරණයට පත් වූ බව.

එයින් බ්ලේස්ගේ අයිතිකරුවන්ට ඔවුන්ගේ ජීවිත එපා වන මට්ටමට පත්වනවා.

මරණය කා හටත් පොදු බව සත්‍යයක්ය. නමුත්, සතෙකුට වුවද ගෞරවාන්විත මරණයක් අවශ්‍යය.

මරණයට හේතුවක් තිබිය යුතුය. මරණයට පත් වූයේ නම් අයිතිකරුවන්ව වහාම දැනුම්වත් කළ යුතුය. ඔවුන්ට අවසන් වරට ඔහුගේ දේහය බලා, ගෞරවය පුද කිරීමටවත් අවස්ථාව ලබා දිය යුතුය. එය අවම සදාචාරයකි. එය නොදන්නා, නොතකන මිනිසුන් මිනිස් ආත්මයෙන් පෙනී සිටින අමු තිරිසනුන් නොවේද?

බ්ලේස්ගේ අයිතිකරුවන් විසින් කමල් රාජපක්ෂගෙන් සහ ඔහුගේ සහෝදරියන්ගෙන් බ්ලේස් මරණයට පත් වූයේ කුමක් නිසාද, ඒ කවදාද, මාස 7 ක් තිස්සේ එය රහසක්ව තබා ගත්තේ කුමක් නිසාද යන ප්‍රශ්න මතු කළත් මේ වන විටත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.

බ්ලේස් ස්වාභාවික මරණයකට ලක් වූවානම් එම මරණය මේ දක්වා රහසක්ව තබා ගත්තේ කුමන හේතුවක් නිසාවෙන්ද? මෙය සිතාමතාම කළ ඝාතණයක් යැයි සිතීමට කරුණු කාරණා බොහෝය.

මෙවැනි අමු තිරිසන් මිනිසුන්ට මරණයෙන් පසු ලැබෙන දඩුවම අපි කවුරුත් දන්නා නමුත්, අද දවසේ බ්ලේස් වෙනුවෙන් නීතියේ දඩුවම ඔවුන්ට ලබාදිය යුතු නොවේද?

එම අහිංසකයා කළ වරද කුමක්ද? අයිතිකරුවන්ව මෙවැනි මානසික පීඩාවකට පත් කරන්නේ කුමක් නිසාද?

ලංකා ඇත්ත අප පරිසර සහ සත්ත්ව සංවිධානවලිනුත්, මිනිසුන්ට සේම සතුන්ටත් එකසේ ආදරය කරන පාඨක ඔබගෙනුත් ඉල්ලා සිටින්නේ බ්ලේස්ට සාධාරණය ඉටු කිරීම සඳහා පෙරමුණ ගන්නා ලෙසයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Nilu

Post a new comment

Your email address will not be published. Required fields are marked *