රටටම සහල් දෙන්න චීනය එයි…

HTML tutorial
Reading Time: < 1 minute

කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල මහා පරිමාණ ආයෝජන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අවධාරණය කරයි .

ඔහු චීනයේ චෝන්ග්කින්ග් (Chongqing CPC)නගරයේහි නාගරික කමිටු ලේකම් වන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වෙයි.

ඔහු ඇතුළු චීනයේ ඉහළ පෙළේ නියෝජිතය පිරිසක් (22) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ

.දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයින් ශ්‍රී ලංකාවට ලබාදීමට ද ජියාජුන් මහතා එකඟ විය.සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බව ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසුවේ සහල් නිෂ්පාදනය කීප ගුණයකින් වැඩි කර ගැනීමට,ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම ,දරිද්‍රතාවය තුරන් කිරීමට චොන්ග්කින්ග් හි අත්දැකීම් බෙදා හදා ගැනීම වැදගත් බවයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත ,අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අගමැතිවරයා චීනයට ස්තූතිය පළ කළේය.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.එබැවින් අභ්‍යවකාශ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් දෙරටට අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කළ හැකි බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.මේ අවස්ථාවේදී ණය ප්රතිව්යුහගත කිරීමට සහ අනාගතයේදී ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහාය අපේක්ෂා කෙරේ.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,සුසිල් ප්‍රේම ජයන්ත,අලි සබ්රි,නලින් ප්‍රනාන්දු,රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුප පැස්කුවෙල්,ඩයනා ගමගේ,මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා,යන මහත්ම මහත්මීහු ද,පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද,චීන තානාපති Qi Zhenhong ,එරට උප අමාත්‍ය Guo Yazhou,Chonqing මහනගර සභාවේ උප නගරාධිපති Chen Mingbo,ලේකම් Luo Lin ,CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin සහ Chongqing නියෝජ්‍ය මහලේකම් Guan Zhongxiao යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

– Media unit

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *