යාපනයේ ජනතාව වහලුන් බවට පත් කළ අයටම 13 දෙන්න හදනවා ?… – අරුන් සිද්ධාර්ථVIDEO 

HTML tutorial
Reading Time: < 1 minute

1976 දී වඩුුක්කෝඩෙයි හි දී චෙල්වනායගම්ලා දෙමළ තරුණයන් අතට ආයුද ලබා දුන්නේ උතුරේ දමිළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සිංහල රජය විසින් නැතිකරන බව ප්‍රකාශ කරමින් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

යාපනයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කළේ සිංහල රජය නොව වසර 137 තිස්සේ එම අයිතිය අහිමිකර තිබුනේ වෙල්ලාල කුලයේ දෙමළ පිරිස් විසින් බවත්, අද ඔවුන් දෙමළ දේශපාලකයන් ලෙස යාපනයේ දෙමළ ජනතාව පාගාගෙන සිටින බවත් අරුන් සිද්ධාර්ථ මහතා සඳහන් කරයි.

යාපනයේ අඩු කුලේ ජනතාව තුනෙන් එකක් පාගාගෙන වහලුන් ලෙස වසර 400ක් 500ක් තබාගෙන සිටි ඔවුන්ට එරෙහිව අඩුකුලේ ජනතාව සටනට අවතීර්ණ වූ බවත් එහිදී වෙල්ලාල කුලයේ ආධිපත්‍ය බිඳවැටී ඡන්ද පදනම අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දේශපාලකයන් එම ග්‍රහණය කෙසේ හෝ පවත්වාගෙන යාම වෙනුවෙන් බලය බෙදීමක් ඉල්ලා සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

13 ලබාදීමෙන් මෙම බලය යන්නේ යාපනයේ සාමාන්‍ය ජනතාව අතට නොව මෙම දේශපාලකයන් අතරට බවයි අරුන් සිද්ධාර්ථ මහතා චෝදනා නගන්නේ. වසර 500ක පමණ සිට අහිංසක කුල හීන දෙමළ ජනයා වහලුන් බවට පත්කොටගෙන සිටින මෙම පිරිසගේ අතට බලය ලබාදීමට දැඩි විරුද්ධත්වය පළ කරන බවද ඒ මහතා පවසයි.

අරුන් සිද්ධාර්ථ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Aracely.J

Post a new comment

Your email address will not be published. Required fields are marked *