මේ වසර තුළදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා – මැකො සහතික වෙයි

HTML tutorial
Reading Time: 3 minutes

මේ සමග පළවන්නේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පුවත්පතකට ලබාදී තිබෙන සම්මුඛ සාකච්ඡාවකි.

Q.1

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම

මේ වසරට අදාළව ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමේ කටයුතු පෙබරවාරි 01වන දින ආරම්භ කරනවා. මේ අනුව ග්‍රාම නිලධාරීන් විසින් අදාළ අයදුම්පත ඡන්දදායකයන් වෙත ලබා දෙනවා. මේ නිසා අයදුම්පත ලැබුණු පසු එය සම්පූර්ණ කර කඩිනමින් භාර දෙන්න ඕන. මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය කඩිනමින් සකස් කර ගැනීමට ජනතාව සහාය ලබා දුන්නොත් මේ වසරේදී පැවැත්වෙන ඡන්ද විමසීම් කටයුතු සදහා එය භාවිත කරන්න පුළුවන්.

Q.2

වයස අවුරුදු 18න් ඡන්ද හිමිකම ලබා දීම

පෙබරවාරි 01වන දින සිට ක්‍රියාත්මක කරන ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතුවලට අමතරව, සෑම වසරකම මැයි මාසයේ 31වන දින හා සැප්තැම්බර් මාසයේ 30වන දිනත් ජනවාරි 31 යන අවස්ථා තුනේදි පරිපූරක ලැයිස්තු සකස් කරනවා. මෙම කාලවකවානු තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස්වලට නම ඇතුළත් කර ගන්න තමයි එම අවස්ථාව ලබා දීලා තියෙන්නේ.

Q.3

මේ වසරේදී පැවැත්වෙන මැතිවරණ

මේ වසර තුළදී ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණය අවසන් වරට පැවැත්වුණේ 2019 නොවැම්බර් මාසයේදියි. මේ අනුව මේ වසරේ නොවැම්බර් 18වන දිනට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවෙනවා.

Q.4

ජනාධිපතිවරණය පැවැත්වීමට මුදල්

අය වැය තුළින් මේ සඳහා මුදල් වෙන් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් සිදුකරලා තියෙනවා. ඒ අනුව මුදල් වෙන්කරලා තියෙන්නේ. අපි ගණන් බලලා තියෙන ආකාරයට මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

Q.5

පාර්ලිමේන්තු මැතිවරණ

ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ

කාලය වසර දෙකහමාර අවසන් වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීම පුළුවන්. ඒ සඳහා ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒක නිසා ඕනෑම අවස්ථාවක අදාළ කාලය අවසන් වුණාට පස්සේ මැතිවරණයක් කැඳවන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වය අනුව ලබන වසර තුළදි පවා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුළුවන්.

Q.6

පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලට මොකද වුණේ ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට අපිට බලයක් නැහැ. 1988 අංක 02 කියන සමානුපාතික නියෝප්ත ක්‍රමයට සකස් කරලා තිබුණු පනත අහොසි වුණා. 2017 අංක17 කියන මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සීමා නිර්ණය කර කොට්ඨාස වෙන් කළා. ඒත් එය පාර්ලිමේන්තුව තුළ සම්මත වුණේ නෑ. ඒ වගේම එවකට අග්‍රාමාත්‍යවරයාගෙන් පත් කරන ලද කමිටුව වාර්තාව ලබා නොදීමත් කියන කාරණය නිසා මැතිවරණ කොමිෂන් සභාවට පළාත් සභා ඡන්දය තියන්න බෑ.

පළාත් පාලන අයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය වසරේ මුල් කාලයේදී නාමයෝජනා කැඳවීමට කටයුතු කළා. මූල්‍ය අර්බුදයක් මත ඒ කටයුතු ප්‍රමාද වුණා. මේ වන විට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙනවා.

Q.7

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට පුරවැසියන්ගේ උනන්දුව

ඡන්ද ලියාපදිංචිය අප රට තුළදී අනිවාර්ය දෙයක් නොවෙයි. මේ නිසා සමහර පිරිස් වයස අවුරුදු 18 සම්පූර්ණ වුණ වහාම ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගන්න කටයුතු කරනවා. තවත් පිරිසක් වයස අදුරුදු 20 හෝ 22 වුණාමත් නාමලේඛනයට නම ඇතුළත් කරගන්න කටයුතු කරනවා. හැබැයි හැම අවුරුද්දේම ග්‍රාම නිලධාරී මහත්තයා ගෙයින් ගෙට ගිහිල්ල ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත ලබා දෙනවා. ඒත් සමහර පිරිස් ඒ අයදුම්පත සම්පූර්ණ කරලා නැවත භාර දෙන්න උනන්දුවක් නැහැ. ජනතාවට උනන්දුවක් නැත්තම් බලහත්කාරයෙන් ඒ දේ කරන්න බෑ. හැබැයි මැතිවරණයක් තියෙන කාලයට නම ඇතුළත් කර ගැනීමට උනන්දුවක් තියෙනවා නමුත් මැතිවරණයක් නැති කාලයට සමහර අයට එහෙම උනන්දුවක් නෑ.

ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කිරීම පුරවැසියන්ගේ අයිතිවාසිකමක්. ඒ නිසා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට සියලුම පුරවැසියන් උනන්දු විය යුතුයි.

Q.8

ජනාධිපතිවරණයට භාවිත කරන ඡන්ද නාමලේඛනය

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට සහතික කරලා තියෙන ඡන්ද හිමි නාමලේඛනය තමයි භාවිත කරන්නේ. පෙබරවාරි 01වන දින ආරම්භ කරන ඡන්ද හිමි නාමලේඛනයට නම් ඇතුළත් කර ගැනීමේ කටයුතු ජූලි මාසයේදි අවසන් කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ අනුව අදාළ නාමලේඛන සකස් කිරීමේ කටයුතු සදහා ජනතාව නිසි ලෙස සහාය ලබා දුන්නොත් මේ වසරේ සකස් කරන ඡන්ද හිමි නාමලේඛනය ජනාධිපතිවරණයට භාවිත කරන්න පුළුවන් වේවි.

Q.9

මැතිවරණ කල් දාන්නේ මැතිවරණ කොමිෂන් සභාවද ?

මේ රටේ රාජ්‍ය පාලනය හා මැතිවරණ පිළිබඳ දැනුමක් නැති එහෙත් දේශපාලනයේ ඉන්න සමහරුන්ගේ කතා තමයි ඕවා. සමහරු හීනෙන් බය වුණා වගේ ඔය වගේ කතා කියනවා. ඒවාට උත්තර දීලා වැඩක් නැහැ. උත්තර දෙන්න බැඳිලත් නැහැ. අපි කරන්නේ ව්‍යවස්ථාපිත කාර්යභාරයක්.

Q.10

මැතිවරණය පැවැත්වෙන දිනයේ රාජකාරි සිදුකරන ඡන්දදායකයන්ගේ අයිතිවාසිකම්

තැපැල් ඡන්ද අයිතිවාසිකම් නොමැති එහෙත් මැතිවරණ දිනයේදී විවිධ රාජකාරි සිදුකරන පුරවැසියන්ට ඡන්දය ලබා දීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. අදාළ කටයුතු සිදුකිරීමට නම් පවතින නීති වෙනස් කළ යුතුයි. නීති වෙනස් කිරීම පාර්ලිමේන්තුව තුළින් සිදුවිය යුතුයි.

ඉන්දික හේවාවිතාරණ

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *