මුල්ලේරියාවේ මියගිය දරුවාගේ සීයාට ඇප

HTML tutorial
Reading Time: < 1 minute

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය දරුවාගේ සීයාව ඇප මත මුදාහැරීමට අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සැකකරුට ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී දරුවා සීයාගේ භාරයේ සිට ඇති අතර ඊයේ (10) රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැණුනේ දරුවාට රැකවරණය ලබා නොදීමේ චෝදනාව මතය.

අත්අඩංගුවට ගත් 65 හැවිරිදි එම පුද්ගලයා අද (11) අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබුණි.

මාලබේ හල්බරාවේ පදිංචි අවුරුදු 5 යි මාස 6 ක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති දරුවා මුල්ලේරියාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී පසුගිය 08 වනදා රාත්‍රියේ මුල්ලේරියාව පොලීසිය විසින් සොයාගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම වැඩබිමේ තණකොළ කපන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

තණකොළ කපන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එය දරුවාගේ ඇඟේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෙම දරුවා මියගොස් ඇති බව අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත.

මේ අතර මියගිය පුංචි ජොනතන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේත් දේහය තැන්පත් කර තිබෙන පෞද්ගලික මල් ශාලාවට ඔහුගේ ඥාතින් ඇතුළු පිරිස පැමිණියහ.

දේහය පිළිබඳ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භුමියේදී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. najlepsze escape roomy
  2. Michael M

Post a new comment

Your email address will not be published. Required fields are marked *