මිල සදහන් නැති භාණ්ඩ නොමිලේ…

HTML tutorial
Reading Time: < 1 minute

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ට අනුව අලෙවිය සඳහා තබා ඇති සෑම භාණ්ඩයකම මිල ලකුණු කර හෝ ප්‍රදර්ශනය කර තැබීම අනිවාර්ය වේ.

මේ අනුව සිල්ලර භාණ්ඩ, එළවළු, පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මෙන්ම අනෙකුත් අලවිය සඳහා ඇති සෑම භාණ්ඩයකම මිල ලකුණු කර හෝ ප්‍රදර්ශනය කළ යුතු වේ.

පාරිභෝගික අධිකාරිය විසින් මේ සම්බන්ධව වැටලීම් අතිවිශාල සංඛ්‍යාවක් සිදු කර නීත්‍යානුකූල කටයුතු සිදු වී ඇති නමුත්, වෙළෙඳපොළ නිරීක්ෂණයේදී තවමත් මිල ලකුණු කර හෝ ප්‍රදර්ශනය කර නොමැති අවස්ථා දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ විවිධ භාණ්ඩ වර්ග අලෙවි කරන වෙළඳුන් විසින් මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධව වැටලීම්, විමර්ශන රාජකාරි සිදු කරමින් සිටි, කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ ප්‍රකාශ කරන ලදී.

“අලෙවිය සඳහා ඇති භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධව විශාල ප්‍රමාණයක් නඩු පවරා තිබෙනවා. නමුත් තවමත් වෙළෙඳපොළ නිරීක්ෂණයේදී මෙය සාර්ථකව ඉටු නොවී ඇති බව පෙනී යනවා. ඒ අනුව මිල ප්‍රදර්ශනය කරවීමට වෙළෙඳ ප්‍රජාව උනන්දු කරවීම සඳහා “මිල ප්‍රදර්ශනය නොකළ භාණ්ඩ නොමිලේ ලබාගන්න” යන ප්‍රකාශය සමාජගත කිරීමට අපි උත්සාහ කරනවා.

එම ප්‍රකාශය වඩා සාර්ථකව සමාජ ගත වුවහොත් අපි විශ්වාස කරනවා අලෙවියට ඇති සෑම භාණ්ඩයකම ඉදිරියේ දී මිල ප්‍රදර්ශනය වී තිබේවි. අපේ අරමුණ එයයි” යැයි ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන මහතා පවසන ලදී.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *