මා කීවේ ‘මාතා’ කියලයි… ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ…- උමාරා කටඋත්තර දෙයි…

HTML tutorial
Reading Time: < 1 minute

කොළඹ දී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කළේ යැයි චෝදනා එල්ල වී සිටින ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඊයේ දිනයේ ඇය එහි විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශය ලබා දී ඇත.

උමාරා එහිදී සඳහන් කර ඇත්තේ තමන් අදාළ අවස්ථාවේ ජාතික ගීය ගායනා කිරීමේදී ‘මහතා’ යන වචනය භාවිතා නොකළ බවයි.

තම උච්ඡ ස්වරයෙන් ගායනා කිරීම නිසා ‘මාතා’ යන්න මහතා ලෙස ඇසෙන්නට ඇතැයි ඇය පවසා ඇත.

එහිතී අධ්‍යාපන අමාත්‍යංශයේ සංගීතය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ ජාතික ගීය මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *