මාලිමා නියෝජිතයන්ට හූ කියා එලවති…

HTML tutorial
Reading Time: < 1 minute

ජාතික ජන බලවේගයේ පරිසරවේදී සංවිධානය එප්පාවල ලංකා පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (15) පැමිණි අවස්ථාවේදී එහි සේවකයෝ හූ කියමින් ඔවුන්ට දැඩි විරෝධය පළ කළහ.

එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, පරිසරවේදීන් සමඟ ගොවි සංවිධානවල සහ සිවිල් සංවිධාන නියෝජිතවරු ද සහභාගී වී සිටියහ.

එම ස්ථානයට පැමිණි පිරිසරවේදීන්ට ආයතන පරිශ්‍රය තුළට ඇතුළුවීම සඳහා අවස්ථාව ලබාදීමට නොහැකි බව එම ආයතනයේ ආරක්ෂක නිලධාරීන් පවසා සිටි අතර, ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ද වසා දමා තිබේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොස්පේට් ආයතන පරිශ්‍රයට ඇතුළුවීම සඳහා අවශ්‍ය නීත්‍යනුකූල අවසර පත්‍රයක් නැතිව ඇතුල්වීම සඳහා ඉඩ ලබාදිය නොහැකි බවයි.

අනතුරුව ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පරිසරවේදී ආයතනයේ කළමනාකාරීත්වයෙන් අවසරයක් ලබා ගැනීම සඳහා ලිඛිතව ඉල්ලීමක් ද සිදු කළේය.

කළමනාකාරිත්වයෙන් ඒ සඳහා අවසරයක් ලබාදීමට කටයුතු නොකළ අතර, එම ස්ථානයට එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව පොලිස් කණ්ඩායමක්ද පැමිණ සිටියේය.

එහිදී ස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ පරිසරවේදීන් කණ්ඩායම ඔහු වෙත පවසා සිටියේ ආයතන පරිශ්‍රයට කිසිදු හානියක් සිදු නොකරන බවත් ඔවුන්ට පොස්පේට් නිධිය සම්බන්ධව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසය.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර අවස්ථාවක් ලබාදීමට උත්සහ කරන බවට පවසා එම ස්ථානයෙන් ආයතන පරිශ්‍රය තුළට ගොස් සාකච්ඡා කර නැවතත් පැමිණ කියා සිටියේ, අමාත්‍යාංශයෙන් ලබා දෙන අවසරයක් මඟින් පැමිණි පිරිසට තම ආයතන පරිශ්‍රයට ඇතුළු වන ලෙස කළමනාකාරිත්වයෙන් තමන්ට දැනුම් දුන් බවයි.

පසුව පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටත්වයාමට සූදානම් වනවාත් සමඟම එම ස්ථානයට පැමිණි පොස්පේට් ආයතනයේ සේවකයන් පිරිසක් පැමිණ සිටි පරිසරවේදී කණ්ඩායමට තම විරෝධය සහ අප්‍රසාදය පළකරමින් සිටි අතර, එප්පාවල පොලිස් නිලධාරීන් සහ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් එක්ව එම ස්ථානයෙන් විරෝධය පළ කරමින් සිටී ආයතනයේ සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.

එප්පාවල තිසර සමල්

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *