මළ ගමක් වූ ගාසා තීරය – පැය 24කදී මරුණ 178ක්

HTML tutorial
Reading Time: < 1 minute

පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා සිට මේ දක්වා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ මිය ගිය පිරිස 25,000 ඉක්මවා තිබේ.

පසුගිය පැය 24 තුළ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 178 ක් බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ප්‍රහාර වලින් මියගිය බහුතරය කාන්තාවන් සහ ළමයින් බව වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායලය සිය ප්‍රහාරය ආරම්භ කළේ ඔක්තෝම්බර් 7 වන දින හමාස් සටන්කාමීන් දකුණු ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,300 ක් ඝාතනය කර 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගනිමින්ය.

හමාස් සංවිධානය විසින් එම ප්‍රහාරය පිළිබඳ පළමු වරට නිල නිවේදනයක් ඊයේ නිකුත් කර තිබුණි.

හමාස් සංවිධානය සඳහන් කර තිබුනේ එම ප්‍රහාරය ඊශ්‍රායල විසින් පලස්තීන භූමි ප්‍රදේශ ආක්‍රමණයට එරෙහිව “අවශ්‍ය පියවරක්” සහ පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීමේ මාර්ගයක් ලෙස යි.

ඊශ්‍රායලයේ ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් මේ වන විට දකුණු ගාසා තීරය වෙත යොමු වී තිබේ.
ඊශ්‍රයල හමුදාව පවසන්නේ ඉහළ පෙළේ හමාස් අණ දෙන නිලධාරීන් ඛාන් යුනිස් නගරයේ හෝ ඊට යටින් උමං මාර්ග වල සැඟවී සිටින බවයි.

එක්සත් ජනපද බුද්ධි අංශ වාර්තා කරන්නේ පරිදි ඊශ්‍රායල හමුදාව හමාස් සටන්කාමීන්ගෙන් සියයට 20 ත් 30ත් අතර ප්‍රමාණයක් ක් මරා දමා ඇති බවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Noble.H

Post a new comment

Your email address will not be published. Required fields are marked *