මදුරෙයි – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹයි

HTML tutorial
Reading Time: < 1 minute

ස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා ඊ‍යේ (20) පස්වරුවේ සිට ආරම්භ කර තිබේ.

මෙම ගුවන් ගමන් සේවා පසුගිය කොරෝනා වසංගත සමයේදී අත්හිටුවා තිබිණි.

එස්.ජී.- 03 දරන ප්‍රථම මංගල ගුවන්යානය ඊයේ (20) පස්වරු 02.02ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. මෙහි ගුවන් මගීන් 30 දෙනකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනකු සිට තිබේ.

මින්පසු සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවා යානා පස්වරු 02.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එදිනම පස්වරු 03.10ට කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යෑමට නියමිතය.

ඊයේ පැමිණි මෙම ගුවන්යානය පස්වරු 02.50ට ගුවන් මගීන් 50 දෙනකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනකු රැගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් මදුරෙයි බලා පිටත්ව ගොස් තිබිණි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. https://eroom24.com/
  2. GrantR

Post a new comment

Your email address will not be published. Required fields are marked *